
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල ප්‍රතිසාධන මෙහෙයුම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීම සට සෞදි එනර්ජියා සමාගම අමෙරිකානු ඩොලර් 43,000ක් වටිනා අධි ධාරිතාවෙන් යුත් ආලෝක ජනක යන්ත්‍ර අටක් පරිත්‍යාග කර තිබේ.
රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම පරිත්‍යාගය ලබා දී ඇත.
අඛණ්ඩ සහන කටයුතු සඳහා භාවිත කිරීමට තානාපති කාර්යාලය විසින් ජනක යන්ත්‍ර ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරමින් සිටී.
රියාද් හි එනර්ජියා අල් ඛාර්ජ් හි පිහිටි මධ්‍යස්තානයේදී පැවති භාරදීමේ උත්සවයට එනර්ජියා හි කළමනාකාර අධ්යක්ෂ මහමද් මොහින් ෂෙයික් සහ එනර්ජියා නිලධාරීන් සහ සේවකයන් සහභාගී වී තිබිණි.
එනර්ජියා හි ප්‍රධාන විධායක නිලධාරී හසන් ෂාහිඩ්ගෙන් පරිත්‍යාගය ලබ ගනිමින් සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් සෞදි එනර්ජියා සමාගමේ කාලෝචිත හා අර්ථවත් දායකත්වය වෙනුවෙන් සිය අවංක කෘතඥතාව පළ කළේය.
එනර්ජියා විසින් ලබාදෙන සහයෝගය ආදර්ශවත් ඉරියව්වක් බවත්, එය ශක්තිමත් සහයෝගීතාවයේ ආත්මයක් සහ ව්‍යාපාරික අවශ්‍යතාවලට වඩා ආයතනික සමාජ වගකීම පිළිබඳ විශාල හැඟීමක් පිළිබිඹු කරන බවත් තානාපතිවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart