
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට දුම්රිය සේවයට දැඩි පාඩුවක් සිදුකරමින් රිය අනතුරක් සිදු කළ රුසියානු සංචාරකයකුට රුපියල් ලක්ෂ 18කට අධික වන්දියක් ගෙවන ලෙසට නියෝග කර ඇති බව වාර්තා වේ.
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ ඊයේ (15) මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම රුසියානු සංචාරකයා 2014 වසරේ මෙරටට පැමිණ ඇති අතර, එම කාලය තුළ ඔහු අහංගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති බව වාර්තා වේ.
2014 ජනවාරි 23 වැනිදා ඔහු තවත් පුද්ගලයකු සමඟ මෝටර් රථයකින් අහංගම ගොවියාපාන – ජයසුමනාරාම දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී දුම්රියක ගැටී ඇත.
අනතුරින් රුසියානු ජාතිකයා සහ ඔහුගේ මිතුරා සුළු තුවාල ලබා ඇති අතර, දුම්රිය එන්ජිමට සහ වාහනයට දැඩි අලාභ හානි සිදුව තිබේ.
එම සිද්ධියෙන් පසුව පොලිසිය රථවාහන වැරදි යටතේ නඩු පවරා ඇති අතර, දුම්රිය එන්ජිමට සහ විදුලි සංඥා පෙට්ටියට සිදු වූ අලාභහානි සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවද නඩු පවරා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart