
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෘත්‍රිම බිත්තර පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පට සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්තාවක් නිකුත් කළ යුතු බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදන සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසයි.
දේශීය වෙළඳපොළේ ස්වාභාවික බිත්තර හැර කෘත්‍රිම බිත්තර නිෂ්පාදනයක් සිදුනොවන බව ඔහු ජනමාධ්‍ය වෙත කියාසිටියේය.
දේශීය බිත්තර නිෂ්පාදනය පිළිබඳව ජනතාවට විශ්වාසය තැබිය හැකි නමුත් ආනයනික බිත්තර සම්බන්ධයෙන් ගැටලු මතුව තිබෙන බවද ඔහු සඳහන් කරයි.
දේශීය බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රශ්න ඇති වී නැතත්, කෘත්‍රිම බිත්තර සම්බන්ධයෙන් සමාජ කනස්සල්ලක් පවතින බව සභාපතිවරයා පෙන්වාදෙයි.
“අත්‍යාවශ්‍ය ආහාරවල ප්‍රමිතිය පිළිබඳවත් පාරිභෝගිකයන් පිළිබඳවත් අදාළ ආයතන දැනුවත් විය යුතු බව සංගමයක් ලෙස අපි නිතරම ඉල්ලා සිටිනවා. පාරිභෝගිකයා දේශීය ආහාර නිෂ්පාදන භාවිතය ප්‍රතික්ෂේප කළොත් එය දේශීය නිෂ්පාදනවල කඩා වැටීමක් බවට පත්වෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart