
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය සැමියාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට එරෙහිව පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ බිරිඳ වන එස්.බී.එම්.එස්.බී. සලේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.
අගෝස්තු 20 වැනි දිනැති එම ලිපිය මගින් ඇය ඉල්ලා සිටින්නේ, සුරේෂ් සලේට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන අතරතුර, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිට අධිකරණ අධීක්ෂණය යටතේ පවතින රක්ෂිත බන්ධනාගාර භාරයට මාරු කරන ලෙසයි.
රඳවා තබා ගැනීමේ කාලය තුළ සිදුකළ උපවාසය හේතුවෙන් සලේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති අතර, ඔහු ජූනි 07 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ජූනි 27 වැනිදා එහි හෘද රෝග ඒකකයට මාරු කර යවා ඇත.
පවතින හෘද ආබාධ තත්ත්වය මත පදනම්ව ඔහු විශේෂ ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර, එහිදී ඔහුට ICD (Implantable Cardioverter-Defibrillator) නැමැති උපකරණය සවිකර තිබේ.
මෙම සැත්කමෙන් පසුව ඔහු විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවිය යුතු බවත් නැවතත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට මාරු කිරීමෙන් ඔහුගේ ජීවිතයට දැඩි අවදානමක් මතුවිය හැකි බවත් ඇය පෙන්වා දෙයි.
ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයාගෙන් ඇය ඉල්ලා සිටින්නේ පවතින රඳවා තබා ගැනීමේ නියෝගය කල්ඉකුත් වීමට හැර, පරීක්ෂණ කටයුතු සහ අත්අඩංගුව අධිකරණ අධීක්ෂණය යටතේ සිදුවන පරිදි ඔහු රක්ෂිත බන්ධනාගාර භාරයට පත්කරන ලෙසයි.
සිය සැමියා හෝ පවුලේ කිසිදු අයෙකු පරීක්ෂණ කටයුතුවලට බාධා කිරීමට අදහස් නොකරන බවත්, අදාළ බලධාරීන් සමඟ පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඇය වැඩිදුරටත් සහතික වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart