
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර හමුවක් අද (4දා) සවස 4.30ට මලලසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.
එම සාකච්ඡාවේදී පසුගිය මැයි දිනය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ.
මීට පෙර දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ විසින් බලය බෙදීම සම්බන්ධයෙන් සහ පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙනස් බවත්, ජනාධිපතිවරයා මහාසංඝරත්න සමගත් ජාතික සංවිධාන සමගත් වෘත්තීය සමිති සමගත් සාකච්ඡා කිරීම වැදගත් බවත් කියා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart