
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුවේදී තමන් ආණ්ඩු පක්ෂය වෙත ආර්ථික වශයෙන් වැදගත් ප්‍රශ්න දෙකක් යොමුකළ බවත්, ඒවාට ඔවුන් පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදුන් පරිදි ප්‍රායෝගිකව පියවර ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ ගෝලීකරණය තුළ ප්‍රතිග්‍රෝලියකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවයි.
එය මෙරට ඇඟලුම් කර්මාන්තයට ඍජුව බලපානු ඇති බවත්, මෙරට ලක්ෂ දොළහක් පමණ වන තරුණ ප්‍රජාවක් සහ ප්‍රමුඛ ව්‍යාපාරිකයින් කොටසක් අමෙරිකාව ඉලක්ක කර ගනිමින් එම ක්ෂේත්‍රයේ නිරත වන බව මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම මෙරට රබර් කර්මාන්තයේ ප්‍රමුඛ නිෂ්පාදන වන ටයර් සහ මෙට්ට අපනයනය කරන්නේ ඇමරිකාවට බවත්, ට්‍රම්ප් පරිපාලනයේ තීරු බදු අනෙකුත් නව ආර්ථික ප්‍රතිපත්තිවලට මුහුණදෙමින් අමෙරිකාව සමග ගනුදෙනු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙ තමන් පාර්මේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටි බවද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ එවැනි ගැටළු සාකච්ඡා මට්ටමින් විසඳාගැනීමට කටයුතු කරන බව ආණ්ඩුව පැවසුව ද අමෙරිකාවෙන් හිමිවන පිළිතුරක් සඳහා පූර්ව වශයෙන් සූදානම් වී සිටිය යුතු බවයි.
ආර්ථික අසීරුතා මගහරවා යළි නැගී සිටීනට උත්සහ දරන රටක් ලෙස ශ්‍රී ලංකාව නව උපාය මාර්ග ඔස්සේ කටයුතු කළ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙහිදී පෙන්වාදුන්නේය.
එමෙන්ම 2015 වසරේ පැවැති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයේ ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති වත්මන් රජය විසින් පවත්වාගෙන යාම අගය කරන නමුත් අත්‍යවශ්‍ය වන්නේ නව රජයේ ඉදිරි දැක්ම කුමක් ද යන්න බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේදී විදෙස් ආයෝජකයින්න් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ IMF සමග සාකච්ඡා කළ යුතු කරුණු මොනවාද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී පැහැදිළි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart