
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බිත්තරයක පැළීමක් වැසීමට මැලියම් යොදන ලද බවට සැකකෙරෙන අවස්ථාවක් කෑගල්ලෙන් වාර්තා වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ සමගි ජන බලවේගයේ දැරණියගල සංවිධායක රංජිත් පොල්ගම්පොල විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර ඇත.
එහිදී සමගි ජන බලවේගයේ දැරණියගල සංවිධායක රංජිත් පොල්ගම්පොල මෙසේ සඳහන් කර තිබේ.
“මිලිමීටර් තුනක් පමණ පළල රේඛාවක් බිත්තරයේ මතුපිට දක්නට ලැබුණා. මෙම රේඛාව රළුයි. මතුපිට ඉතිරි කොටස සුපුරුදු පරිදි සුමට වුණා. මම ඉරිදා කෑගල්ලේ සිල්ලර කඩයකින් බිත්තර දහයක් මිල දී ගත්තා. එක් බිත්තරයක් අසාමාන්‍ය බව සොයාගත්තා. එහි රළු සහ මැලියම් වැනි පටියක් තිබුණා. බිත්තරයේ ඉරිතැලීම් සැඟවීමට මැලියම් භාවිතා කර ඇති බවට අපි සැක කළා. මෙම විශේෂිත බිත්තරය අනෙක් ඒවාට වඩා බරයි. මේ ගැන පරීක්‍ෂණයක් කරන්න කියලා මම පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටිනවා.”
සත්‍ය අසත්‍ය බව නිශ්චය කිරීම සඳහා එම බිත්තරය පාරිභෝගික අධිකාරියට භාරදීමට නියමිත බව ද ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම බිත්තරය තුළ ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව නොදන්නා නිසා සත්‍යය හඳුනා ගැනීමට විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart