
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ දරුවන් අන්තර්ජාලයට සහ ඔන්ලයින් ක්‍රීඩාවලට (online gaming) දැඩි ලෙස ඇබ්බැහි වීම, සයිබර් හිංසනයන්ට ලක්වීම සහ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ දැල්වලට හසුවීම යන භයානක තත්ත්වයන් පිළිබඳව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් දැඩි ලෙස අනතුරු අඟවයි.
දීර්ඝ වේලාවක් අන්තර්ජාලයේ සැරිසරන දරුවන්ගේ නින්ද, අධ්‍යාපනය, සාමාජික සබඳතා මෙන්ම මානසික සෞඛ්‍යය ද සම්පූර්ණයෙන්ම කඩාවැටීමේ අවදානමක් පවතින බව හෙතෙම පෙන්වාදෙයි.
විශේෂයෙන්ම, ඇතැම් දරුවන් එහි ඇති මුල්‍යමය පාඩුව ගැන නොසිතා ඔන්ලයින් ගේම් සඳහා මුදල් වියදම් කිරීමට ද පෙළඹී ඇත.
ඊට අමතරව, සමාජ මාධ්‍ය සහ ගේමින් ප්ලැට්ෆෝම් හරහා දරුවන් විවිධ අපහාස, තර්ජන සහ ලිංගික හෝ මානසික හිංසනයන්ට ලක්වන බවත්, ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ දැන්වීම්වලට නිරාවරණය වීමෙන් කුඩා කාලයේදීම සූදුවට ඇබ්බැහි වීමේ දැවැන්ත තර්ජනයක් මතුව ඇති බවත් වෛද්‍ය රූමි රූබන් සඳහන් කරයි.
ස්මාර්ට්ෆෝන් සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම පහසුවෙන් ලබාගත හැකිවීම නිසා මෙම අවදානම තවත් වැඩි වී තිබේ.
එබැවින් දරුවන් අන්තර්ජාලය තුළ කරන්නේ කුමක්ද යන්න පිළිබඳව දෙමාපියන් සහ ගුරුවරුන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවත්, මෙම තත්ත්වයෙන් දරුවන් බේරාගැනීමට වගකිවයුතු අංශ වහාම පියවර ගත යුතු බවත් විශේෂඥයෝ අවධාරණය කරති.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart