
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉක්වදෝරයේ එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වෙඩි තබා ඝාතනය කර ඇත.
ඊයේ එරට උතුරු නගරයක් වන ක්විටෝ හි පැවැති උත්සවයකින් පසු එරට ජාතික සභාවේ සාමාජිකයකුද වන ප්‍රනාන්දු විලාවිසෙන්සියෝට මෙලෙස ප්‍රහාරයට ලක්ව තිබේ.
ඔහුගේ ප්රචාරක කණ්ඩායමේ සාමාජිකයකු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, විලිවිසෙන්සියෝ මෝටර් රථයකට නැගීමට සූදානම් වන විට මිනිසෙක් ඉදිරියට ගොස් ඔහුගේ හිසට වෙඩි තැබූ බවයි.
මෙම මරණය වත්මන් ජනාධිපති ගුයිලෙර්මෝ ලස්සෝ විසින් තහවුරු කර ඇත.
ඉක්වදෝර ජනාධිපතිවරණය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙම ඝාතනයෙන් තමා “කෝපයට හා කම්පනයට පත් වූ” බවත් “මෙම අපරාධයට දඬුවම් ලබාදෙන” බවටත් ප්‍රතිඥා ලස්සෝ ප්‍රතිඥා ලබාදී ඇත.
ඉක්වදෝරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වැඩෙන ප්‍රචණ්ඩකාරී අපරාධවල මෑත කාලීන වැඩිවීමක් වාර්තා වී ඇති අතර, එය ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයටද දැඩි බලපෑමක් එල්ලකර ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart