
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව රජය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘Clean Sri Lanka’ වැඩසටහන සඳහා ‘Clean Sri Lanka අරමුදල’ නමින් අරමුදලක් ස්ථාපනයට සහ ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි.
පාලක මණ්ඩලයක් මඟින් පාලනය කිරීමට නියමිත ‘Clean Sri Lanka අරමුදල’ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පිහිටුවීමට නියමිතය.
එම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමටත් නියමිතය.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ යන නව රජයේ දැක්ම අනුව සාමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් රට තුළ ඇතිකිරීමයි.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනික, සමාජයීය, අධ්‍යාත්මික මෙන්ම පාරිසරික වශයෙන්ද සැළකිව යුතු පසුබෑමකට ලක්වීම සැලකිල්ලට ගෙන මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් ජාතික අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා සිදු කරනු ලබන ජාතික මෙහෙයුමක් ලෙස රජය ‘Clean Sri Lanka’ වැඩසටහන හඳුන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart