September 30, 2024

එළැඹෙන මහ මැතිවරණය ජාතික ලැයිස්තුවක් සහිත සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවැත්වුවද ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයට එය ජයග්‍රහණ කිරීමේ අවස්ථා ඉහළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.සුහයිර් පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ජනාධිපතිවරණයේදී මැතිවරණ කොට්ඨාස 160න් 105ක්ම ජයගැනීමට හැකි වූ බවයි.

එය කොට්ඨාස මට්ටමින් සැළකීමේදී 2/3 ක බහුතරයකි.

සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසට උතුරේ මැතිවරණ කොට්ඨාස 49ක් සහ පාක්කියසෙල්වම් ආරියනේන්ද්‍රන්ට කොට්ඨාස 6ක ජය හිමිවූ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එකදු ආසනයක් හෝ හිමි නොවූ බව ජනාධිපති නීතිඥ එම්.සුහයිර් පවසයි.

එළැඹෙන මහමැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාස ක්‍රමයට නොවූවත් වාසිය පවතින්නේ ජාතික ජන බලවේගයට යන්න ඔහුගේ අදහස වී තිබේ.

ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 12කින් ඉදිරියෙන් සිටින අනුර කුමාරගේ ආසන්නතම ප්‍රතිවාදියා වූ සජිත්ට ලබාගත හැකිවූයේ ඡන්ද ලක්ෂ 45ක් නැතහොත් වලංගු ඡන්දවලින් 1/3ක් පමණි.

සිය ආසන්තම ප්‍රතිවාදියා වූ සජිත්ට වඩා දීප ව්‍යාප්ත ලබාගත් ඡන්ද ලක්ෂ 12න් ලක්ෂ නවයකට ආසන්න සංඛ්‍යාවක් හිමිව තිබුණේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙනි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් අනුරට ඡන්ද 460,000ක වැඩි බලයක් හිමිවිය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය දූෂණවලට, බලය අවභාවිතයට, ජාතිවාදයට, මහජන මතය නොතකාහැරීමට, අධිකරණ අධිකාරියට අගෞරව කිරීමට සහ රාජ්‍යය බලගැන්වීමේ අශෝභන නීති පැනවීමට එරෙහිව ජනතාව දුන් පැහැදිලි බලයකි.

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක ඵලදායි ක්‍රියාකාරීත්වය සඳහා ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය පවතින අතරම, සමගි ජන බලවේගය විසින් වෙනත් පක්ෂවලින් ප්‍රතික්ෂේපවූවන් සඳහා ‘සැලුන් දොර’ විවෘත කිරීම හෝ ඡන්දය ලබාගැනීමට අසමත් වූ අයට ප්‍රමුඛ භූමිකාවන් ලබාදීම ව්‍යසනයක් වනු ඇත.

ජාතික ජන බලවේගයට ඇති ප්‍රසාදය සම්බන්ධයෙන්හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.සුහයිර් මෙම ජනාධිපතිවරණයට මාස 5කට පමණ පෙර එනම් මැයි මාසයේදී විවෘතව අනාවැකියක් ප්‍රකාශ කර තිබුණි.

 

42.31%
17.27%
32.76%