
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෞරාණික වටිනාකමක් ඇති බව කියන පිඟානක් විකිණූ පොලිස් සැරයන්වරයකු මාතලේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙලම්බඩ පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු බව වාර්තා සඳහන් කරයි.
පෞරාණික වටිනාකමක් තිබෙන බව පවසන මෙම පිඟාන පුද්ගලයකුට ලබා දී රුපියල් ලක්ෂ 25 ක මුදලක් වංචා කර ඇති බව මාතලේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙම වංචාවට සම්බන්ධ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු ද මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart