
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් පළායෑමට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තා පොලිස් නිලධාරියකුගේ සහය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මිදී සැලසුම් සහගතව පළායෑමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග සහ උපදෙස් මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මේ වන විට පරීක්ෂණ පවත්වන බවයි.
ඒ අනුව දුරකථන දත්ත ඔස්සේ සිදුකළ විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ තිබී ඉහත සංවිධානාත්මක අපරාධකරුට පළායෑම සඳහා රැගෙන ආ යතුරුපැදියක් සහ ආරක්ෂිත හිස්වැස්මක් අත්අඩංගුවට ගෙන තිබිණි.
ආරක්‍ෂිත හිස්වැසුම රැගෙන ඒම සඳහා සුද්දා නමැති අයකු සම්බන්ධ වී ඇති අතර එම සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී ඔහු පදිංචි ස්ථානය මඟහැර ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
සුද්දා නැමති සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර දුරකථන විශ්ලේෂණයක් සිදුකිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයේදී සුද්දා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු සමඟ සබඳතා පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.
මීට අමතරව නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යෑමට වන සැලසුම විදේශගතව සිට මෙහෙයවූ ජයසේකර විතානගේ රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නැමැත්තා සමඟ අදාළ සැරයන්වරයා වට්ස්ඇප් හරහා සම්බන්ධකම් පැවැත්වූ බවද අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart