
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෑන් රථයක ඉදිරිපස බුදුපිළිමයක් තබා තිබීම වරදක් බව පෙන්වා දී රියදුරු බලපත්‍රය ලබාගෙන ඊට එරෙහිව දඩ කොළයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීමට මාවතගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු පෙට්‍රල් ලීටරයක් ඉල්ලාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ තොරතුරු සංසරණය වෙමින් පවතී.
මෙම සිද්ධියට මුහුණ පෑ බව කියන පුද්ගලයා විසින් ඔහුගේ නමද සඳහන් කර සිද්ධිය සමාජ මාධ්‍යට මුදාහැර ඇත.
මෙම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ සිටසිය දරුවන්ද සමඟ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියකු බැලීමට ගොස් ආපසු එමින් සිටි අතරවාරයේ මෙම පොලිස් මාර්ග බාධකයේ නිලධාරීන් විසින් නතර කළ බව එම පුද්ගලයා සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ තොරතුරුවල සඳහන් කර ඇත.
මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු වෑන් රථයේ ඉදිරිපස බුදු පිළිමයක් තබාගෙන යෑම වරදක් බව කියා, තමාගේ රියැදුරු බලපත්‍රය ලබාගෙන දඩ කොළයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීමට සහ රියැදුරු බලපත්‍රය ආපසු දීමට පෙට්‍රල් ලීටරයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද ඔහු සමාජ මාධ්‍යයේ පළකර ඇති තොරතුරුවල සඳහන් කර තිබේ.
තමන් පදවාගෙන ආ රථයෙන් පෙට්‍රල් ලීටරයක් ගෙන එම නිලධාරියාට දුන් පසු ඔහු එම පෙට්‍රල් මාර්ග බාධකය අසල නතර කර තිබූ යතුරුපැදියකට දමා ගන්නා අයුරු ද දුටු බවත්, ඔහුගේ එම ක්‍රියාව මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් ද දුටු බවත්, ඔහු සඳහන් කර ඇත.
තමන් මේ බව මාවතගම පොලිසියේ නිලධාරියකුට දුරකතනයෙන් කතාකර දැනුම් දුන් බව සදහන් කර ඇති ඔහු, මෙය ඉහළ පොලිස් නිලධාරියකුගේ නෙත ගැටී සොයාබැලීමක් කරන ලෙසද ඉල්ලීමක් කර තිබේ.
මෙය පොලිස් දෙපාර්තමේන්තුවට අපකීර්තියක් ගෙන දෙන සිදුවීමක් බවද ඔහු එහි සඳහන් කර ඇත.
මේ අතර සමාජ මාධ්‍යයේ පළ වී ඇති මෙම තොරතුර තමාද දුටු බවත්, මෙහි ඇති සත්‍ය අසත්‍ය ගැන වහා සොයාබලා වාර්තාවක් සපයන ලෙස කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහට උපදෙස් දුන් බවත්, වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ගෙන් ‘ලංකාදීප පුවත්පත’ කළ විමසුමකදී පවසා තිබේ.
මෙහි සත්‍යතාවක් තිබෙන බව හෙළිවුවහොත් එම නිලධාරියාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර ඇත.
මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දුන් උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අබේසිංහ පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart