
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා වෙරළබඩ මුහුදු තීරයේ මුර සංචාරයක කටයුතු වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපද රජය විසින් මෙම වසරේදී Beechcraft King Air ගුවන් යානයක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ නිවේදනය කළේය.
ඉන්දු පැසිෆික් උපායමාර්ගය පිළිබඳව එක්සත් ජනපද සාම ආයතනයේ (USIP) අදහස් දක්වමින් ලූ මහතා අවධාරණය කළේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් රටවල ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට උපකාර කිරීම බවයි.
“එක්සත් ජනපද රජයෙන් ශ්‍රී ලංකා හමුදාවට මුර සංචාර බෝට්ටු සැපයීමට සූදානම්. ඒ වගේම ශ්‍රී ලංකාවට වෙරළබඩ මුහුදේ මුර සංචාරයේ යෙදීමට උපකාර වන King Air ගුවන් යානයක් ලබාදීමට ද අපි මේ වසරේ සූදානම්” යැයි ඩොනල්ඩ් ලූ සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart