
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති කපිල රේණුක පෙරේරා විසින් ඊයේ එම පෙත්සම ඉදිරිපත් කරන ලදි.
එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ඇමැති මණ්ඩල සාමාජිකයන්, මුදල් හා වෙළෙඳ අමාත්‍යංශවල ලේකම්වරුන් ඇතුළු 27 දෙනෙකු නම් කර ඇත.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඇමැති මණ්ඩලය විසින් ඉකුත් ජනවාරි මස 24 වැනිදා ජනාධිපතිවරයාට අනුමැතිය ලබාදුන් බව අදාළ පෙත්සම කරු පෙන්වා දි තිබේ.
ඒ අනුව වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු සහ තායිලන්ත නියෝජිතයන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමට පෙබරවාරි මස 03 වැනිදා අත්සන් තබා ඇති බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
විනිවිදභාවයකින් හා නීත්‍යනුකූලභාවයකින් තොරව අත්සන් කර තිබෙන මෙම ගිවිසුම හරහා ජනරජයේ ස්වෛරීභාවයටත්, ජාතික ආරක්ෂාවටත්, ආර්ථිකයටත් විශාල අනතුරක් සිදුවන හෙයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අදාළ ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart