
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මියගිය වන සතුන්ගේ ශරීර කොටස් සහ කොටි දත් යොදාගනිමින් විවිධ ස්වර්ණාභරණ නිෂ්පාදනය කළ පුද්ගලයකු යටියන්තොට වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් බුලත්කොහුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පවසා ඇත්තේ මෙම ආභරණ පැළඳීමෙන් අමනුෂ්‍ය දෝෂ සහ භූත බලවේග දුරු වන බවයි.
සැකකරු සතු ස්වර්ණාභරණ වෙළෙඳසැල තුළ කොටි දත්, අලි කෙඳි, ඇත්දළ, දුර්ලභ ගණයේ බෙල්ලන්, කළු පබළු සහ මුව අං යොදා ගනිමින් සකස් කරන ලද මුදු, මාල, වළලු, පෙන්ඩන්ට් සහ කරාබු අලෙවි කර ඇත.
වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙවැනි සත්ව කොටස් ළඟ තබා ගැනීම සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බවයි.
වනජීවී නිලධාරීන් සිදුකළ මෙම වැටළීමේදී කොටි දත් 4ක්, ඇත්දළ කැබැල්ලක්, කුඩා ඇත්දළ 6ක්, ඇත්දළවලින් නිමවූ මුදු 5ක්, කළු පබළු කැබලි 10ක්, දුර්ලභ මට්ටියන් වර්ග දෙකක්, ලීයෙන් කළ හිසක් සහිත මුව අං කැබැල්ලක් සහ තවත් ඇත්දළක් සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart