
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය (UKHSA) පවසන පරිදි, කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඔමික්‍රෝන් (Omicron) ප්‍රභේදයෙන් පැවත එන එරිස් (Eris) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන EG.5.1 නම් මෙම උප ප්‍රභේදය පසුගිය මාසයේ එක්සත් රාජධානියේ ප්‍රථම වරට වාර්තාවූ බව PTI පුවත් ඒජන්සිය වාර්තා කරයි.
සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියෙහි නවතම වාර්තාවට අනුව අගෝස්තු 03 වන දින සිට නැවත බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 රෝගීන් අඛණ්ඩව ඉහළ යමින් පවතී.
සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ “Respiratory DataMart” පද්ධතිය හරහා වාර්තා කර ඇති ශ්වසන නිදර්ශක 4,396 න් 5.4% ක්ම මේ වන විට කොවිඩ් -19 ලෙස හඳුනාගෙන ඇත.
ඔමික්‍රොන් ප්‍රභේදයක් වන Eris හි වඩාත් සුලභ රෝග ලක්ෂණ පහ වන්නේ නාසයෙන් දියර ගැලීම, හිසරදය, තෙහෙට්ටුව, කිවිසුම් යෑම සහ උගුරේ අමාරුවයි.
එය ඉක්මනින් ව්‍යාප්ත වන බව පෙනෙන අතර මෑතදී රෝගීන් සහ රෝහල්ගතවීම් ඉහළ යෑමට එය එක් හේතුවක් බව පැවැසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසා ඇත්තේ, එන්නත් සහ පූර්ව ආසාදන මගින් මිනිසුන් වඩා හොඳින් ආරක්ෂා වී ඇතත්, රටවල් ඔවුන්ගේ ආරක්ෂාව අත් නොහැරිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart