September 5, 2026

ගොවිතැනට අවශ්‍ය සහාය ලබාදී, අස්වැන්නට පෙරම වෙළෙඳපොළක් – දේශීය හා අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගත් නව Buyback ක්‍රමවේදය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීන තාක්ෂණය, ස්ථාවර වෙළෙඳපොළ සහ ව්‍යාපාරික අවස්ථා සමඟ තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් Serendib Green Plantation (Pvt) Ltd සමාගම සිය “මිහිමහිම – Mihimahima” Buyback System වැඩසටහන ගොවි ප්‍රජාව වෙත පුළුල් කරන බව 2026 අගෝස්තු 29 වන දින නිවේදනය කළේය.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ සාම්ප්‍රදායික ගොවිතැන පමණක් නොව, “Smart Cultivation” සංකල්පය ඔස්සේ ගොවියා ව්‍යවසායකයෙකු බවට පත් කරමින්, වගාවේ ආරම්භයේ සිට අස්වැන්න අලෙවි කිරීම දක්වා වඩාත් සංවිධානාත්මක සහ තිරසාර ක්‍රමවේදයක් නිර්මාණය කිරීමයි.

“මිහිමහිම” Buyback System යනු කුමක්ද?

“මිහිමහිම” වැඩසටහන යටතේ Serendib Green Plantation සමාගම සමඟ එක්වන සුදුසු ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය බීජ, පැළ, පොහොර, නඩත්තු වියදම් සඳහා සහාය සහ නවීන කෘෂි තාක්ෂණික දැනුම ලබාදීමට සැලසුම් කර ඇත.

එහි විශේෂත්වය වන්නේ වගාව සිදු කිරීම සඳහා පමණක් සහාය ලබාදීම නොව, නිෂ්පාදනය වන අස්වැන්න පෙර එකඟ වූ මිලක් සහ කොන්දේසි මත නැවත මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සමාගම විසින් ක්‍රියාත්මක කිරීමයි.

ඒ අනුව, “වගා කළ පසු අස්වැන්න විකුණන්නේ කාටද?” යන ගොවියා මුහුණ දෙන ප්‍රධාන අභියෝගයට වඩා සැලසුම්ගත වෙළෙඳපොළ සම්බන්ධතාවයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ වැදගත් අරමුණකි.

Serendib මෙවැනි වැඩසටහනක් ආරම්භ කරන්නේ ඇයි?

Serendib Green Plantation සමාගම වැනිලා සහ විවිධ කුළුබඩු නිෂ්පාදනය, සැකසීම සහ බෙදාහැරීම සිදු කරමින් දේශීය වෙළෙඳපොළ මෙන්ම අපනයන වෙළෙඳපොළද ඉලක්ක කරගනිමින් සිය මෙහෙයුම් පුළුල් කරමින් සිටී.

ඉදිරියේදී දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා අවශ්‍ය නිෂ්පාදන ප්‍රමාණය සහ සැපයුම් ධාරිතාව වැඩි කිරීම සඳහා, සමාගමට අයත් වගාබිම් පමණක් භාවිත කිරීම වෙනුවට ශ්‍රී ලංකාව පුරා සිටින ගොවීන් සමඟ එක්ව ශක්තිමත් වගා හා සැපයුම් ජාලයක් ගොඩනැගීම “මිහිමහිම” වැඩසටහනේ දිගුකාලීන දැක්මයි.

මෙමගින් ගොවියා, සමාගම සහ වෙළෙඳපොළ එකිනෙකට සම්බන්ධ කරමින් වගාවේ සිට අවසාන නිෂ්පාදනය දක්වා ශක්තිමත් දේශීය සැපයුම් දාමයක් ගොඩනැගීමට සමාගම අපේක්ෂා කරයි.

ගොවි ජනතාවට සහ රටට ලැබෙන ප්‍රතිලාභ

“මිහිමහිම” වැඩසටහන හරහා නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම, ග්‍රාමීය ව්‍යවසායකත්වය වර්ධනය කිරීම, පවුල් ආදායම් මාර්ග පුළුල් කිරීම, ග්‍රාමීය සමාජ හා ආර්ථික සංවර්ධනයට දායක වීම, නවීන කෘෂිකාර්මික ක්‍රම හඳුන්වාදීම සහ මෙතෙක් ආර්ථික ප්‍රතිලාභයක් ලබා නොදුන් ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදාගැනීම වැනි පුළුල් ප්‍රතිලාභ රැසක් අපේක්ෂා කෙරේ.

එමෙන්ම තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය තුළින් දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමත්, අගය එකතු කළ කෘෂි නිෂ්පාදන හරහා විදේශ වෙළෙඳපොළ වෙත ශ්‍රී ලාංකික නිෂ්පාදන රැගෙන යාමත් මෙම වැඩසටහනේ පුළුල් දැක්මේ කොටසකි.

“වගා කරන්නෙකු පමණක් නොව – කෘෂි ව්‍යවසායකයෙකු වන්න”

Serendib Green Plantation සමාගම “මිහිමහිම” වැඩසටහන හරහා ගොවිතැන දෙස නව ආකාරයකින් බැලීමට ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරයි.

ඉඩමක් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. එම ඉඩමට නිවැරදි වගාව, තාක්ෂණික දැනුම, නිසි නඩත්තුව සහ ස්ථාවර වෙළෙඳපොළක් සම්බන්ධ කළ විට එය ආදායම් උපදවන ව්‍යාපාරික සම්පතක් බවට පත් කළ හැකිය.

“මිහිමහිම” සමඟ එක්වන්න.
Smart Cultivation තුළින් ඔබේ ඉඩමට වටිනාකමක් එක්කරන්න.
ගොවිතැනින් ව්‍යවසායකත්වයට – ගමෙන් ලෝක වෙළෙඳපොළට.

Serendib Green Plantation (Pvt) Ltd