
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2030 වනවිට මෙරට සමස්ත විදුලිබල උත්පාදන අවශ්‍යතාවයෙන් 70% පුනජනනීය බලශක්තින් මගින් සපුරාගැනීමේ රජයේ වැඩපිළිවෙළට නැගෙනහිර පළාත සූදානම් කිරීම සදහා සහ නව ඉන්ධන පිරිපහදුවක් සමග නිර්මාණය වන ත්‍රිකුණාමලය සංවර්ධන සැලසුම පිළිබදව විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වා තිබේ.
නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා, පළාත් ලේකම්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග මෙම සාකච්ඡාව සදහා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහභාගි වී තිබේ.
නැගෙනහිර පළාතට සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ ඒවා කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු , ඒ සදහා වන ඉඩම් අවසරයන් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම සහ නව ආයෝජකයන් මෙම ව්‍යාපෘති සදහා ආකර්ශනය කරගැනීම පිළිබදව සාකච්ඡා එහිදී සාකච්ඡා කර ඇති අතර, මෙම ව්‍යාපෘති කඩිනමින් කිරීම සදහා නැගෙනහිර පළාත වෙනුවෙන්ම විදුලිබල මණ්ඩලයේ විශේෂ නියෝජිතයන් පත්කිරීමට යෝජනා වී තිබේ.
ත්‍රිකුණාමලය, බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ රජයේ වැඩසටහන පිළිබදව සහ එමගින් විවෘත වන නව බලශක්ති සහ විදුලිබල වැඩසටහන් පිළිබදව ආණ්ඩුකාරවරයාවරයා සමග මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද බව අමාත්යංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart