
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකුගේ පහරදීමෙන් තුවාල ලැබූ තවත් රැඳවියකු රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති බව අඟුණකොළපැලැස්ස පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හතළිස් හැවිරිදි සමූහ ගොවිපොළ ප්රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.
පසුගිය විසි එක් වැනිදා අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයේ අංක තුන සිර මැදිරිය තුළදී මෙම පහරදීම සිදු වී ඇති බව පොලිසිය පවසයි.
අංක තුන සිරමැදිරිය මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයන් රඳවා සිටින සිරමැදිරියක් බවද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
මෙම සම්බන්ධව ඉදිරි විමර්ශන අඟුණකොළපැලැස්ස පොලීසිය විසින් සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart