
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ බටලිය හන්දිය ආසන්නයේදී ඊයේ (10) රාත්‍රී කාලයේදී සිදුවූ බිහිසුණු රිය අනතුරකින් යතුරුපැදියක ගමන් කළ තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිට්ටඹුව පොලිසිය සඳහන් කරන්නේ මෙලෙස මියගොස් ඇත්තේ රදාවඩුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයන් දෙදෙනකු බවයි.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලට අනුව, අනතුරට පත් යතුරුපැදිය කොළඹ දෙස සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකට ඉස්සර කිරීමට උත්සාහ කර ඇත.
එහිදී යතුරුපැදිය මුලින්ම එම බස් රථයේ ගැටී ඇති අතර, ඉන් අනතුරුව පාලනයෙන් ගිලිහී ගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ද ගැටී ඊට යටවී තිබේ.
මේ අනුව, යතුරුපැදිය එකම අවස්ථාවක බස් රථයේ සහ ලොරි රථයේ යන වාහන දෙකේම ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බවට පොලිසිය සැකකරයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනාව වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේවෙතත්, රෝහලට ඇතුළත් කරන විටත් ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart