
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමේ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අද (31) ඉඟි පළ කර ඇති අතර, ඊට සහාය ලබාදෙන ලෙස අනෙකුත් පක්ෂවලින්ද ඉල්ලා සිටී.
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්විය යුතුයැයි කියන යෝජනාවකට අත්සන් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ සූදානම් විය යුතු බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසීය.
ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇති බවත්, එම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට මුහුණදීමේ යෝජනාවකට සහාය දෙන ලෙසට ඔහුට සහ එම පක්ෂයට ආරාධනා කරන බවත්, මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මේ වනවිට පාර්ලිමේන්තුව අවුල් වී ඇති අතර, ජනතා කැමැත්ත නියෝජනය නොකරන බව ද හෙතෙම පෙන්වාදෙයි.
එම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වඩාත් සුදුසු බවත්, බලය ලබාදිය යුත්තේ කාටද යන්න තීරණය කිරීමට ජනතාවට ඉඩ හැරිය යුතු බවත්, මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart