
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීති විද්‍යාල සිසුන් මත බර නොපටවා වෘත්තීයේ නියැලෙන නීතිඥවරුගෙන් සමාජික ගාස්තුවක් අය කර ගැනීමේ යෝජනාවක් අධිකරණ , බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත්ව ඇත.
2023.08.23 දින උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහිදී නීති විද්‍යාලයේ ගාස්තු ඉහළ නැංවීම නීතිවේදී උපාධිය ලබාගත් හෝ නීතීවේදී උපාධිය සඳහා ලියාපදිංචි වු සිසුන්ට අසාධාරණයක් බව කමිටුව පෙන්වාදී ඇත.
එයට ප්‍රතිචාර දක්වමින් නිතී විද්‍යාල විදුහල්පතිවරයා සඳහන් කර ඈත්තේ, නීති විද්‍යාලයේ නඩත්තු කටයුතු සඳහා භාණ්ඩාගාරයේ මුදල් වෙන් නොකරන බවත්, අධික වියදම් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙසේ මුදල් අය නොකළහොත් නීති විද්‍යාලය තවදුරට පවත්වාගෙන යෑමට අපහසු බවත්ය.
නීතිඥවරුගෙන් සමාජික ගාස්තුවක් අය කර ගැනීමේ යෝජනාව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර සොයාබැලීමට එහිදී තීරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart