March 22, 2024

පාසල් සහ මහජනතාව සඳහා සංවිධානය කරන මැරතන් සහ දුර ධාවන ඉසව් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳ නව චක්‍රලේඛයක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත.

එම චක්‍රලේඛයට අනුව මැරතන් සහ දුර දිවීමේ ඉසව් සඳහා සහභාගි වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කිරීම අනිවාර්ය වේ.

මැරතන් ධාවන තරඟ සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට සුදුසුකම් ලැබීමට නම් වෛද්‍ය වාර්තාවක් සහ ECG වාර්තාවක් එම ස්ථානයේදීම වෛද්‍යවරයාට ලබාදිය යුතුය.

ශ්‍රී ලංකාවේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දා වාර්තා වූ අනතුරු පිළිබඳව සළකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.