
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා පිතිකරණ පුහුණු විශේෂ වැඩසටහනක් අද කොළඹදී ආරම්භ විය.
එම වැඩසටහන ලබන 24 වැනිදා දක්වා පැවැත්වේ.
මෙහි පුහුණුකිරීම් සඳහා සම්බන්ධ වී සිටින්නේ IPL හි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දක්ෂතා ඉහළ නැංවීමට සුවිශේෂ දායකත්වයක් ලබා දුන් Zubin Bharucha ය.
ඔහු මුම්බායි පිල නියෝජනය කළ හිටපු ක්‍රීඩකයකු වන අතර වඩාත් ප්‍රචලිතව සිටින්නේ ඔහු අනුගමනය කරන වෙනස් පුහුණු ක්‍රම හේතුවෙනි.
ඔහුගේ දැඩි පුහුණු ක්‍රම ඉන්දීය පිතිකරුවන් වන ධෘව් ජුරල් සහ යෂස්වි ජයිස්වාල්ගේ වර්ධනයට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බවට ද විශ්වාස කෙරේ.
වාර්තා වන පරිදි මෙම පුහුණු සැසිවාරය පැවැත්වෙන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ නිර්දේශය මත සහ ශ්‍රී ලංකා ක්‍රිකට් හි උපදේශක සනත් ජයසූරියගේ ඉල්ලීම පරිදිය.
පිතිකරණයේ දී අනුවර්තනය වීමේ හැකියාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙන අනුක්‍රමික පුහුණු ක්‍රමයක් මෙම සැසියට ඇතුළත් වන අතර එය Bharucha සහ රාජස්ථාන් රෝයල්ස් ඇකඩමිය විසින් හඳුන්වා දුන් ක්‍රමයකි.
එහිදී පිතිකරුට අඩි 15ක් දුරින් සිටින පන්දුයවන්නන් සිව්දෙනෙකු විසින් ෆ්ලික්ස්, කට්, පුල් සහ ඩ්‍රයිව් වැනි විවිධ වර්ගයේ පන්දු පිතිකරුවාට යොමුකිරීම සිදුකරනු ලබයි.
ඔවුන්ට පිටුපසින්, දඟ පන්දු යවන්නන් සහ වේගපන්දු යවන්නන් ක්‍රීඩකයන්ට අභියෝග කිරීමට එකිනෙකට වෙනස් ක්‍රම 16කට පන්දු යවනු ලැබේ.
අදින් ඇරඹෙන මෙම පුහුණුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි මාස හයක ක්‍රිකට් සංචාරවලට පිටිවහලක් වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart