
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට තර්ජනය කළ පුද්ගලයකු යූටා ප්‍රාන්තයේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
අදාළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පුද්ගලයා මියගිය බව අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය පවසයි.
මෙම සැකකරු අමෙරිකානු ජනාධිපතිවරයාට සහ තවත් ඉහළ නිලධාරීන් පිරිසකට ප්‍රචණ්ඩකාරී ලෙස තර්ජනය කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් මුදා හැර ඇත.
ඒ, ගිනි අවි සහිත ඡායාරූප ද සමගිනි.
අමෙරිකානු ජනාධිපතිවරයා යූටා ප්‍රදේශයේ සැලසුම් කර තිබූ සංචාරයකට පැය කිහිපයකට පෙර අදාළ සැකකරු එම තර්ජනය කර තිබීම ද විශේෂත්වයකි.
ඒ අනුව ක්‍රේග් රොබට්සන් නැමැති අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ද සමගින් ඔහු පදිංචිව සිටි යූටා ප්‍රාන්තයේ ප්‍රෝවෝ නගරයේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
එම මෙහෙයුම අතරතුර ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සැකකරු මියගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart