April 19, 2024

කළුතර ප්‍රදේශයේ ආපන ශාලාවකදී විදේශිකයකුගෙන් වඩේ එකක් සහ ප්ලේන් ටී කෝප්පයක් සඳහා අසීමිත මුදලක් අයකළ පුද්ගලයා සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සංචාරකයා විසින් එම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවකින් මුදාහැර තිබිණි.

වඩේ එකක් සහ ප්ලේන් ටී කෝප්පයක් සඳහා රුපියල් 1000ක් ලෙස අදාළ විදේශිකයාට එම අතරමැදියා විසින් මිල ගණන් ප්‍රකාශකර තිබිණි.

පසුව එම ගණන් රුපියල් 800 දක්වාත් යළි රුපියල් 600 දක්වාත් පහත දමා තිබිණි.

අදාළ අතරමැදියා අත්අඩංගුවට ගැනීමට අමතරව ආපන ශාලාවේ හිමිකරුට එරෙහිව වෙනම නඩුවක් ආරම්භ කර ඇති බව ද පොලිසිය පවසයි.