
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන් යානයක භාණ්ඩ ගබඩාවට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයකු සිඩ්නි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
30 හැවිරිදි මෙම පුද්ගලයා සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂාව කඩ කරමින් ගුවන් පථ ආසන්න තාර පාරට දිව ගිය බව කියන සිද්ධියක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
සිඩ්නි අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් ලැබුණු ඇමතුමකට පොලිසිය ප්‍රතිචාර දක්වමින් ගුවන් තොටුපළේ ප්‍රධාන පරීක්ෂණ ප්‍රදේශය හරහා දිවගිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් නිලධාරීන් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කර තිබිණි.
“ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් නිලධාරීන් 30 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් අතර ඔහු ප්‍රධාන ආරක්ෂක ප්‍රදේශය හරහා දිව ගොස් ‘ඒප්‍රොන්’ ඇතුළු සීමා සහිත ප්‍රදේශවලට ප්‍රවේශ වී තිබෙනවා”, යනුවෙන් ඔවුන් නිවේදනය කර තිබේ.
“ඒප්‍රොන්” යනු ගුවන් යානා ධාවන පථවලට කුලී රථයකින් යෑමට පෙර පර්යන්තයෙන් පිටත ගමන් මලු පටවා ඇති ප්‍රදේශයයි.
මෙම පුද්ගලයා පර්යන්තය ඇතුළත ආරක්ෂක ප්‍රදේශය හරහා දිව ගිය පසු පර්යන්තයෙන් පිටත ගුවන් පාලමක මුදුන හරහා ගමන් කරනු දක්නට ලැබී තිබේ.
පසුව ඔහු ශ්‍රී ලංකාව බලා යන ගුවන් යානයක භාණ්ඩ රඳවනයට ඇතුළුවීමට උත්සාහ කළ නමුත් ගමන් මලු හසුරුවන්නන් මැදිහත් වී ටික වේලාවකට පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
30 හැවිරිදි මොහු ගුවන් තොටුපළේ සීමා සහිත ප්‍රදේශවලට ඇතුළුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට කැඳවා ඇත.
ඔහුට සිඩ්නි අන්තර්ජාතික ගුවන් තොටුපළ මාස 12ක තහනමක් පනවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart