
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව පරිශ්‍රයේම නව පිරිපහදුවක් ඉදිකරමින් එය දැවැන්ත ලෙස සංවර්ධනය කිරීමට Build-Operate-Transfer ක්‍රමවේදය යටතේ සැලසුම් කර ඇත.
මෙමගින් දැනට දිනකට තෙල් බැරල් 50,000ක් වන පිරිපහදු ධාරිතාව බැරල් 100,000 දක්වා දෙගුණයක් කිරීමට නියමිතය.
මෙය පෞද්ගලීකරණය කිරීමක් හෝ විකිණීමක් නොවන අතර, රාජ්‍ය-පෞද්ගලික සහකාරීත්වයක් ද නොවන බවත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ BOT ක්‍රමවේදයක් බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථා කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ තහවුරු කරයි.
Ernst & Young වෘත්තීය සේවා ආයතනය මගින් පිරිපහදුවේ වත්කම් පිළිබඳ පුළුල් ව්‍යාපාරික ඇගයීමක් සිදුකරමින් පවතින අතර, එය 2026 ඔක්තෝබර් අවසානය වන විට අවසන් වීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය සඳහා අදහස් විමසීමේදී අන්තර්ජාතික ආයෝජකයන් 20 දෙනෙකුගේ ප්‍රතිචාර ලැබී ඇති අතර, තාක්ෂණික ඇගයීම් කමිටුව අදාළ යෝජනා සමාලෝචනය කර අවසන් කර ඇත.
කෙටි ලැයිස්තුගත කළ අන්තර්ජාතික ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමේ අවසන් රාමුව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
තේරී පත්වන ආයෝජකයා විසින් මූලික අරමුදල් සපයන අතර, වසර 3ක වැඩපිළිවෙලක් යටතේ ව්‍යාපෘතිය නිමකිරීමට සැලසුම් කර ඇත.
SOREM (Sapugaskanda Oil Refinery Expansion and Modernisation) ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව බලශක්ති අතින් ස්වයංපෝෂිත කිරීම, දේශීය ඉන්ධන අවශ්‍යතාව 100%ක් සපයාගැනීම සහ ශ්‍රී ලංකාව කලාපීය ඉන්ධන අපනයන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම ඉලක්ක කර ගැනේ.
දැනට වසර 60ක් පැරණි පිරිපහදුවට අලුතින් එක්වන මෙම නව පද්ධතිය වෙනුවෙන් කෙරෙන සමස්ත ප්‍රාග්ධන ආයෝජනය ඩොලර් බිලියන 2.766ක් ලෙස තක්සේරු කර ඇත.
ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය ඩොලර් බිලියන 1.504ක් වන අතර, වසර 20ක මෙහෙයුම් කාලසීමාව තුළ අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය 16.1%ක් ලෙස පුරෝකථනය කර ඇත.
වසර 6ක ප්‍රාග්ධන ආපසු ගෙවීමේ කාලයකින් පසු, මෙමගින් වසරකට ඩොලර් මිලියන 300 සිට 700 දක්වා ප්‍රමාණයක් උත්පාදනය කිරීමට අපේක්ෂිත අතර, වසර 20 තුළ ලැබෙන සමුච්චිත මුදල් ප්‍රවාහය ඩොලර් බිලියන 9.12ක් ඉක්මවනු ඇත.
ශ්‍රී ලංකාව දැනට වසරකට තෙල් ආනයනය සඳහා ඩොලර් බිලියන 4.23ක් පමණ වැය කරන අතර, දේශීය පිරිපහදු ධාරිතාව දෙගුණ කිරීම මගින් පිරිපහදු කළ ඉන්ධන ගෙන ඒමට වැයවන දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණය ඉතිරි කර ගැනීමට රජය බලාපොරොත්තු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart