
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව කටයුතු කරන බව ජල සම්පාදන ඇමැති ජීවන් තොණ්ඩමන් පැවසීය.
මෙම අරමුදල් 1 වැනි උප වැඩසටහනේ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් ලෙසත් II උප වැඩසටහන යටතේ තවත් ඩොලර් මිලියන 100ක් ලෙසත් ලැබෙනු ඇති බව ඔහු පැවසීය.
“අපගේ ප්‍රතිසංස්කරණවලින් සියයට හැත්තෑපහක් සම්පූර්ණ වී තිබෙනවා, එය ඉදිරියට ගෙන යෑමට අපට හැකිවනු ඇතැයි අපට විශ්වාසයි,” යනුවෙන් තොණ්ඩමන් ඇමැතිවරයා කොළඹදී ජනමාධ්‍යවේදීන්ට පැවැසීය.
“මෙහිදී වෘත්තීය සමිති ඉතා ප්‍රයෝජනවත් වුණා,” යැයි ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ලාභ නොලබන ජලය ලෙස කොටසක් ඇති අතර එය බලධාරීන් වසර ගණනාවක් තිස්සේ කපාහැරීමට උත්සාහ කරන අංශයකි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පසුගිය කාලයේ ඩොලර් ණය ද ලබාගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart