December 27, 2023

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු මුහුදේ ගිලීමෙන් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි බුද්ධික දසනායක නම් කථිකාචාර්යවරයෙකි.

දෙසැම්බර් 16 වැනිදා අහුන්ගල්ල වෙරළ තීරයේ දී ඔහු මුහුදට ගසාගෙන ගොස් ඇත.

අසල සිටි පිරිසක් විසින් ඔහු බේරාගෙන බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටි ඔහු දින නවයකට පසු මියගොස් තිබේ.