
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලිබල, ටෙලිකොම්, රක්ෂණ, තැපැල්, දුම්රිය, බැංකු, ගුවන් තොටුපළ ඇතුළු ආයතන රැසක් පෞද්ගලීකකරණයට එරෙහිව සහ විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වැඩ තහනම් කිරීමට සහ වෘත්තීය සමිති මර්දනයට එරෙහිව ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය ඒකාබද්ධ උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එම විරෝධතාව පෙබරවාරි 21 වැනිදා දහවල් 12ට කොළඹ කොටුව ලේක්හවුස් වටරවුමේදී පැවැත්වීමට නියමිතය.
ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය පවසන්නේ මීට පෙර පෞද්ගලීකකරණය පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර එම සාකච්ඡාව වහා ලබා දෙන ලෙස ද බලකර සිටින බවයි.
ජනාධිපතිවරයාට හෝ වත්මන් ආණ්ඩුවට පෞද්ගලීකකරණය සඳහා කිසිදු අයිතියක් නොමැති බවත්, ජනතාවගේ කිසිදු අනුදැනුමකින් තොරව සිදුකරන අත්තනෝමතික පෞද්ගලීකකරණය ක්‍රියාවලිය නතර කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත් බල කිරීම ද විරෝධතාවයේ අරමුණක් බව ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය පවසයි.
ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ පෞද්ගලීකකරණයට මුහුණදෙන ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති 40කට වැඩි ප්‍රමාණයක එකමුතුවෙනි.
මේ වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකකරණය සඳහා ගැනුම්කරුවන් ලෙස ඉන්දියාවේ අම්බානි සමාගම සහ චීනයේ ගෝචූන් සමාගම ලැයිස්තුගත කර ඇති බව ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකකරණය වෙනුවෙන් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කර ඇති අතර, විදුලිබල මණ්ඩලය කොටස් ගණනාවකට වෙන් කිරීමට නියමිත බවයි.
රක්ෂණ සංස්ථාව පෞද්ගලීකකරණය වෙනුවෙන් කොටස් දෙකකට ඛණ්ඩනය කිරීමට පියවර ගනිමින් සිටින බවට ද ඔවුන් චෝදනා කර සිටී.
ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය පවසන්නේ ණය අර්බුදය විසඳාගැනීමට දියුණු සහ වඩාත් යුක්ති සහගත ක්‍රමවේද ඇති අතර, ඒ වෙනුවෙන් විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමට වෘත්තීය සමිති ව්‍යාපාරයට හැකියාව පවතින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart