
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිංගප්පූරුවේ පැරණිතම සහ ප්‍රමුඛතම ප්‍රජා ගායන කණ්ඩායම වන ‘ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල් කෝරස්’ (International Festival Chorus – IFC) සහ ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගායන ද්විත්වය වන ‘ද ලැනරෝල් බ්‍රදර්ස්’ (The De Lanerolle Brothers – DLB) අතර දීර්ඝකාලීන සංගීතමය සහයෝගීතාවක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. දෙරට අතර කලාත්මක සහ සංස්කෘතික හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සන්ධානයේ මූලික අරමුණයි.
‘දේශසීමාවෙන් එපිට සංගීතය’ (Music Beyond Borders) යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම සහයෝගීතාව මඟින් කලාත්මක විශිෂ්ටත්වය, නව්‍යකරණය සහ ප්‍රජා දායකත්වය වෙනුවෙන් කැප වූ ලෝක පූජිත සංගීත ආයතන දෙකක් එකම වේදිකාවකට එක්කරනු ලබයි. සිංගප්පූරු IFC කණ්ඩායමේ ගායන විශිෂ්ටත්වය සහ රොහාන් සහ ඉෂාන් යන ද ලැනරෝල් සහෝදරයන්ගේ අසමසම ගායන කෞශල්‍යය මුසු කරමින්, දෙරටේම සංගීත ලෝලීන්ට සුවිශේෂී හරස් සංස්කෘතික සංගීත අත්දැකීමක් තිළිණ කිරීමට මෙයින් අපේක්ෂා කෙරේ.
මෙම ඓතිහාසික හවුල්කාරිත්වයේ පළමු පියවර ලෙස, එළඹෙන දෙසැම්බර් මාසයේ සිංගප්පූරුවේදී පැවැත්වෙන IFC සිංගප්පූරු ශීත ඍතු ප්‍රසංගය (Winter Season Concert) සඳහා ද ලැනරෝල් සහෝදරයන් විශේෂ ආරාධිත ශිල්පීන් ලෙස සහභාගී වීමට නියමිතය.
මෙම සන්ධානය පිළිබඳව අදහස් දක්වමින් සංවිධායක පාර්ශවයන් ප්‍රකාශ කර සිටින්නේ, “මෙය හුදෙක් ශිල්පීන් දෙපිරිසක් අතර ඇති වන සහයෝගීතාවකට එහා ගිය, මිත්‍රත්වය, නිර්මාණශීලිත්වය සහ සංස්කෘතික හුවමාරුව සැමරීමක්” වන බවයි. එමෙන්ම සංගීතය සතු බලය මඟින් විවිධ ප්‍රජාවන් එකට එක් කළ හැකි බව ලොවටම පෙන්වීමට මින් අවස්ථාව උදාවන බව ද ඔවුහු වැඩිදුරටත් පවසති.
1974 වසරේදී ජෝන් එඩ්වර්ඩ්ස් විසින් ආරම්භ කරන ලද IFC සිංගප්පූරු කණ්ඩායම, වසර 50කට අධික ඉතිහාසයක් ඇති සිංගප්පූරුවේ පැරණිතම ප්‍රජා ගායන කණ්ඩායමයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සන්නාමයක් බඳු වූ රොහාන් සහ ඉෂාන් ද ලැනරෝල් සහෝදරයන් මෙරට සංගීතය අන්තර්ජාතික තලය වෙත රැගෙන යන ප්‍රමුඛතම තානාපතිවරුන් ලෙස සැලකේ. මෙම දැවැන්තයන් දෙපිරිසගේ සුසංයෝගය දෙරටේම කලාවට නව පණක් දෙනු ඇතැයි විචාරකයෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart