July 9, 2026

මිද්දෙනිය, කුඩගලාර ප්‍රදේශයේ පිහිටි ‘තැඹිලි ළහිරු’ නමැති ප්‍රකට පාතාල කල්ලි සාමාජිකයාකුගේ නිවසට ඊයේ (08) රාත්‍රියේ කිසියම් හඳුනානොගත් පිරිසක් විසින් ගිනි තබා ඇති බව පොලිසිය පවසයි.

වාර්තා වන අන්දමට, ගින්න හටගන්නා අවස්ථාවේදී තැඹිලි ළහිරුගේ මව නිවස තුළ සිට ඇති අතර, ඇයට කිසිදු අනතුරක් නොවී බේරීමට හැකි වී තිබේ.

මෙම ගිනි තැබීම පිටුපස ඇති හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙනිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.