
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය ප්‍රදේශයේ සිර වී සිටි විදේශ සංචාරකයන් පිරිසක් සංචාරක ඇමති විජිත හේරත් මැදිහත් වී ගුවනින් කොළඹට ගෙනැවිත් තිබේ.
පැවැති දැඩි කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය, රම්බොඩ ප්‍රදේශයේ අතරමංව සිටි විදේශ සංචාරකයන් පිරිසක් ගලවාගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සාර්ථකව සිදුකර ඇත.
මෙම මෙහෙයුම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත්ගේ සෘජු අධීක්ෂණය යටතේ සහ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තාගේ සෘජු අණ යටතේ සිදුකරන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ සහයෝගය සහ සම්බන්ධීකරණය හේතුවෙන් මෙම මෙහෙයුම කඩිනමින් සහ සාර්ථකව සිදුකිරීමට හැකිවිය.
මෙලෙස බේරාගත් කණ්ඩායමේ ජර්මානු ජාතික සංචාරකයන් 02ක්, දකුණු අප්‍රිකානු සංචාරකයන් 04ක්, බ්‍රිතාන්‍ය සංචාරකයන් 02ක්, ඉන්දියානු සංචාරකයන් 11ක් සහ ස්ලෝවේනියානු සංචාරකයන් 02ක් ඇතුළත් වූ අතර, ඔවුන් අද පස්වරුව වන විට හෙලිකොප්ටර් මගින් කොළඹ වරාය නගරයට ආරක්ෂිතව රැගෙන එන ලදී.

(විදේශ කටයුතු අමාත්‍යංශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart