
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අක්කර 147ක පමණ භූමි ප්‍රමාණයකින් යුත්, 1371 තරම් ඈත ඉතිහාසයකට හිමිකම් කියන පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයෙන් දුර්ලභ ගණයේ පුවතක් වාර්තා වේ. ඒ, වසර 16 කට පසුව එහි යෝධ උඩවැඩියා ශාකයක මල් හටගැනීමයි. මීට පෙර උද්‍යානයේ යෝධ උඩවැඩියා මලක් පිපී ඇත්තේ 2010 ජූලි මාසයේදීය.
ලොව විශාලතම උඩවැඩියා විශේෂය ලෙස සැලකෙන, විද්‍යාත්මක නාමයෙන් Grammatophyllum speciosum ලෙස හඳුන්වන මෙම ශාකය Orchidaceae කුලයට අයත් වේ. අග්නිදිග ආසියානු රටවල බහුලව දක්නට ලැබෙන මෙම ශාකය, ගස් මත හෝ ගල් මත වර්ධනය වන අතර, දිගු ශක්තිමත් පත්‍ර සහ විශාල ව්‍යාජ බල්බවලින් (Pseudobulbs) සමන්විත වේ. හොඳින් වැඩුණු යෝධ උඩවැඩියා ශාකයක් ටොන් එකක් පමණ බරින් යුක්ත විය හැක.
මෙවර මල් හටගෙන තිබෙන්නේ 2022 අගෝස්තු මාසයේදී රෝපණය කරන ලද නව ශාකයක වන අතර, ඉකුත් ජූලි මස මුල් භාගයේ සිට එහි මල් හටගැනීම ආරම්භ වී තිබේ. 2010 වසරේදී එක් මල් කිනිත්තක් පමණක් දැකගත හැකි වුවද, මෙවර මල් කිනිති 5 ක් හටගෙන තිබීම විශේෂත්වයකි.
මීටර් 2-3 දක්වා දිගට වර්ධනය වන මල් කිනිත්තක කහ සහ කොළ පැහැයට හුරු, තද දුඹුරු ලප සහිත මල් 50-100 අතර සංඛ්‍යාවක් හටගනී. එම ලප නිසා මෙය Tiger Orchid ලෙසද හැඳින්වේ. එක් මලක් සති 2-3 ක් නැවුම්ව පවතින අතර, සමස්ත මල් කිනිත්තේ මල් පිපීමේ ක්‍රියාවලිය මාස එකහමාරක පමණ කාලයක් පුරා පවතී.
ස්වාභාවික පරිසරයේදී ප්‍රශස්ත සූර්යාලෝකය, ශක්තිමත් මූල පද්ධතිය සහ පෝෂණය මත වසර 2-4 අතර කාලයකදී මල් හටගත්තද, උද්භිද උද්‍යාන පරිසරයක මෙලෙස මල් පිපීම ඉතා දුර්ලභ සිදුවීමකි. මෙම අලංකාරවත් දුර්ලභ දසුන නැරඹීම සඳහා මේ දිනවල දිවයිනේ නගර රැසකින් විශාල පිරිසක් පේරාදෙණිය උද්‍යානය වෙත පැමිණෙමින් සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart