
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරායේ ඉන්ධන ගොඩබෑම සඳහා භාවිත කරන පළමු බෝයාවට සම්බන්ධ නල මාර්ගයකින් ඉන්ධන කාන්දුවක් වාර්තා වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
කාන්දුව අනාවරණය වීමෙන් පසු හානියට ලක් වූ නල මාර්ගය හරහා ඉන්ධන ගොඩබෑම තාවකාලිකව අත්හිටුවා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.
නල මාර්ගයේ අලුත්වැඩියා කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව එහි සඳහන් වේ.
මේ අතර, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව මුහුදු ජලයට මිශ්‍ර වූ ඉන්ධන ඉවත් කිරීම සඳහා පිරිසිදු කිරීමේ මෙහෙයුම් සිදුකරමින් සිටී.
කාන්දුව අද (14) අලුයම සිදු වූ බවත් ඉන්ධන පැතිරීමේ ප්‍රමාණය තක්සේරු කිරීමට පියවර ගනිමින් සිටින බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
කඳුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශය හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ද සහාය ලබාගැනීමට අපේක්ෂා කෙරේ.
අලුත්වැඩියා කටයුතු සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් අවසන් වූ පසු වැඩිදුර යාවත්කාලීන කිරීම් ලබාදෙන බව සංස්ථාව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart