
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිඹුලපතන, රොසිටා වත්තේ නිවසක් අසල ඇළකට වැටීමෙන් සිව්හැවිරිදි දැරියක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ, ඊයේ (26) මෙම සිද්ධිය වාර්තා වූ බවයි.
එලෙස මියගොස් ඇත්තේ කොටගල ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.
දැරියගේ මෘතශරීරය දික්ඔය දිසා මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දිඹුලපතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර පොළොන්නරුව – පත්තිනි පෙදෙස ප්‍රදේශයේ දිය නෑමට ගිය තවත් පුද්ගලයකු ඇළක ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස මියගොස් ඇත්තේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart