
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහනයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දේශපාලනඥයා විසින් ව්‍යාජ ලියකියවිලි යොදා ගනිමින් මිට්සුබිෂි ජීප් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ව්‍යාජ අංක තහඩුවක් යටතේ ලියාපදිංචි කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
මෙම ජීප් රථය හමුදා ජීප් රථයකට සමාන බව පොලිසිය කියයි.
වැඩිදුර විමර්ශනවලදී රත්මලාන ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ලෑන්ඩ් රෝවර් රථ දෙකක් ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
සැකකරු විසින් මෙම සුඛෝපභෝගී වාහන තුන සඳහා ව්‍යාජ ලේඛන යොදා අංක තහඩු ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.
එම වාහන තුන පින්වත්ත පොලිසියට භාරදී ඇති අතර වලාන දූෂණ මර්දන අංශය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart