
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයක් අතරතුර අකුණු සැර වැදීමකින් පාපන්දු ක්‍රීඩකයකු මියයෑමේ පුවතක් වාර්තා වේ.
මෙම කම්පන සහගත සහ ඛේදජනක සිදුවීම වාර්තා වන්නේ ඊයේ දිනයේදීය.
සිදුවීම සම්බන්ධයෙන් සමාජගත වී ඇති වීඩියෝවක දැකගත හැකි වන්නේ පාපන්දු ක්‍රීඩකයා පිටියේ ඇවිදිමින් පන්දුව ඔහු වෙත පැමිණෙන තෙක් බලා සිටියදී එක්වරම අකුණු සැර වැදී ක්‍රීඩකයා පිටියේදී ඇද වැටෙන අයුරුයි.
මෙම සිදුවීමෙන් පිටියේ සිටි සෙසු ක්‍රීඩකයන් ද දැඩි කම්පන තත්ත්වයකට පත්ව තිබිණි.
එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, අනතුරට ලක්වූ ක්‍රීඩකයා වහාම රෝහලට ගෙන ගිය ද ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart