
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ කන්ටේනර් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක විශාල ගින්නක් හටගෙන තිබේ.
ඉන්දියාවේ ගෝවා සිට නිරිත දෙසින් නාවික සැතපුම් 102ක් පමණ දුරින් එම නෞකාව යාත්‍රා කරමින් සිටියදී ඊයේ සවස මෙම ගින්න හටගෙන ඇති අතර
නෞකාවේ ඉදිරිපස කොටසේ පිපිරීම් ද සිදුව ඇති බව වාර්තා වේ.
මෙම යාත්‍රාව ගුජරාට් ප්‍රාන්තයේ මුන්ද්‍රා වරායේ සිට කොළඹ වරාය දක්වා යාත්‍රා කරමින් සිට ඇත.
ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පැවසුවේ පාරිසරික ව්‍යසනයක් වළක්වා ගැනීමට සහ යාත්‍රාවේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගිනි නිවීමේ උත්සාහයන් ක්‍රියාත්මක වන බවයි.
MV Maersk Frankfurt හි විශාල ගින්නක් සම්බන්ධයෙන් ආපදා ඇමතුමක් ලැබුණු බව වෙරළාරක්ෂක නිලධාරීන් පවසා ඇත.
වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ ආපදා ඇමතුම ලැබුණු විගස බලකායට අයත් එක් නෞකාවක් ආපදාවට ලක් වූ යාත්‍රාව දෙසට වහාම හරවා යැවූ බවයි.
“ගුවන් තක්සේරුව සඳහා ඩෝනියර් ගුවන් යානයක් දියත් කර තිබෙනවා. මෙම නෞකාව අන්තර්ජාතික සමුද්‍රීය අන්තරායකර භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටි බවත් නෞකාවේ ඉදිරිපස කොටසේ පිපිරීම් සිදුවෙමින් පවතින බවත් වාර්තා වනවා. ඉන්දීය වෙරළාරක්ෂක නෞකාව එම ප්‍රදේශයට පැමිණ ඇති අතර රළු මුහුද සහ අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ ගිනි නිවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. මීට අමතරව, ගිනි නිවීමේ ප්‍රයත්නයන් සාර්ථක කර ගැනීම සඳහා තවත් ඉන්දීය වෙරළාරක්ෂක නෞකා දෙකක් ගෝවේ සිට පිටත් කර යවා තිබෙනවා. කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කර තිබෙන්නේ, ” යනුවෙන් එම ප්‍රකාශකයා සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart