
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උඩවලව ජලාශය පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදු කිරීම සඳහා නිලධාරීන් පිරිසක් වහාම යෙදවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහ සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි යන අයගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.
ඒ, දැනට ජලය සිඳීයමින් පවතින උඩවලව ජලාශයේ රොන්මඩ ඉවත් කිරීමට ප්‍රදේශයේ ගොවි ජනතාව කළ යෝජනාවකට අනුවයි.
ක්ෂේත්‍ර අධ්‍යයනයේ වාර්තාව දින තුනක් ඇතුළත අවසන් කර ඉන් පසුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ.
උඩවලව ජලාශයේ ජල ධාරිතාව මේ වන විට ඝන මීටර් මිලියන 265 කි. රොන්මඩ ඉවත් කිරීමේ ක්‍රියාවලියෙන් පසු ජල ධාරිතාව ඝන මීටර් මිලියන 0.5 කින් වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙමගින් ගොවීන්ට අමතර අක්කර 300ක කුඹුරු අස්වනු නෙලීමටද අවස්ථාව සැලසෙනු ඇතැයිද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart