October 10, 2024

රිජ්වේ ආර්යා ළමා රෝහලේදී තුන් හැවිරිදි දරුවකුට වකුගඩු සැත්කමක් කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපරාධයක් පිළිබඳ සාක්ෂි අනාවරණ වුවහොත් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කර තිබේ.

දරුවාගේ මරණය අපරාධයක් බවට තහවුරු වුවහොත් සාක්ෂිකරුවකු ලෙස මුලින් නම් කළ වෛද්‍යවරයා සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට උපදෙස් දුන්නේය.

අදාළ ශල්‍ය වෛද්‍ය නවීන් විජේකෝන් පශ්චාත් මරණ පරීක්‍ෂණවලදී සාක්‍ෂි දීම මගහරිමින් රටින් පිටව ගොස් ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දැන්වීය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ පොලිසිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවය.

2022 දෙසැම්බර් 22 වැනි දින මෙම සිද්ධියටවාර්තා වූයේ ක්‍රියා විරහිත වම් වකුගඩුවක් ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයකට භාජනය වූ කොටහේනේ දරුවකු සම්බන්ධයෙනි.

මාස හයකට පසු දකුණු වකුගඩුව ද අකර්මණ්‍ය වීමෙන් දරුවා මිය ගොස් තිබිණි.

මෙම නඩුව පසුගිය අඟහරුවාදා (8) කැඳවනු ලැබුවේ වෛද්‍ය විජේකෝන් ඕස්ට්‍රේලියාවේ සිට ස්කයිප් හරහා සාක්ෂි දීමට බලාපොරොත්තුව සිටියදීය.

කෙසේවෙතත්, ශල්‍ය වෛද්‍යවරයා කිසිදු සිතාසියකට ප්‍රතිචාර නොදැක්වූ බවත්, සාක්ෂි දීමේ වගකීම මඟහරින බවක් පෙනෙන්නට ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

42.31%
17.27%
32.76%