
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකු බිහ කිරීම සඳහා මෙරට බදු ගෙවන්නන් රුපියල් මිලියන 04ක් පමණ වැයකරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වෛද්‍ය ශිෂ්‍යයකුට විශ්වවිද්‍යාලයේ වසර පහක අධ්‍යාපනය සම්පූර්ණ කිරීම සඳහා රුපියල් 4,092,915ක් පමණ වැය කිරීමට ජනතාවට සිදුවන බව ඔහු වැඩිදුරට සඳහන් කළේය.
එමෙන්ම ඉංජිනේරු ශිෂ්‍යයකු වෙනුවෙන් රුපියල් මිලියන 2.1 ක් පමණ වැය කරන බවත්, කළමණාකරණ සිසුවකු වෙනුවෙන් රුපියල් මිලියනයක් සහ කලා සිසුවකුට වෙනුවෙන් රුපියල් මිලියන 1.3ක්ද වැයවන බව ඇමතිවරයා සඳහන් කරන ලද්දේ, කෑගල්ල රෝහලේ වෛද්‍ය නිලධාරීන් රට හැරයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart