
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධකරුවකු වන පානදුර සලිඳුගේ ගෝලයකු මෙන්ම ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හසුරවන නිලංග නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන සමීපතමයකු පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.
අළුබෝමුල්ල පොලිස් වසමේ අංක 377/A/4, දික්තුඩුව පාර, පානදුර ලිපිනයේ දී අදාළ වැටලීම සිදුකර තිබේ.
එහිදී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01ක් සහ ග්‍රෑම් 40ක් සන්තකයේ තබාගෙන සිටි පානදුර දික්තුඩුව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක් වන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා එම පුද්ගලයාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart