
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රධාන අපේක්ෂකයන් හතර දෙනා විසින් නම් කරන ලද ආර්ථික ප්‍රතිපත්ති විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ ප්‍රථම වරට විවාදයක් පැවැත්විණි.
එම විවාදය සංවිධාන කර තිබුණේ ලංකා වාණිජ මණ්ඩලය විසිනි.
එහිදී ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා තරඟකාරී දැක්මක් සහිත ඔවුන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දැක්විණි.
“දැක්ම නිර්වචනය කිරීමේ විවාදය” යනුවෙන් නම් කර තිබූ විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ෂෙහාන් සේමසිංහ, සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා, අනුර කුමාර දිසානායක වෙනුවෙන් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ නාමල් රාජපක්ෂ වෙනුවෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර යන අය සහභාගී වූහ.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වුණු මෙම විවාදයට ව්‍යාපාරික නායකයන් සහ වෘත්තිකයන්, විද්වතුන් සහ සිවිල් සමාජ සාමාජිකයන් රැසක් එක්ව සිටිනු දක්නට ලැබිණි.
මෙම විවාදය එක් එක් අපේක්ෂකයාගේ ආර්ථික දැක්ම පිළිබඳ අවබෝධයක් ලබා දෙමින් ඡන්දදායකයන්ට ඔවුන් අනුමත කළ හැකි ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබිණි.
වට තුනකින් පැවති සැසියේ පළමු වටයෙන් සෑම කථිකයකුටම තම දැක්ම ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දුන් අතර, දෙවැනි වටයේදී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කස්තුරි චෙල්ලරාජා විසින් ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරිණි.
අවසාන වටයේ දී, ශක්තිමත් අදහස් හුවමාරුවක් සහ ප්‍රතිපත්ති විවේචනයක් සඳහා නියෝජිතයන්ගෙන් ප්‍රශ්න එකක් හෝ දෙකක් ඇසීමට සෑම කෙනෙකුටම අවසර දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart