December 27, 2023

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ විධායකය අතර පවතින මතභේදය හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරීම මාසයකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇතැයි වාර්තා වේ.

එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, අලුතින් පනවන ලද දූෂණ විරෝධී පනතට අනුව ස්ථාපිත කෙරෙන කොමිෂන් සභාවට එවන ලද නම් අතරින් නම් දෙකක් පිළිබඳ ගැටලුවක් පවතින බවයි.

විධායකය විසින් නිර්දේශ කරන ලද පරිදි, වරක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කළ නීල් ඉද්දවෙල කොමිසමේ සභාපතිවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, විධායකය විසින් යෝජිත අනෙකුත් නාමයෝජනා දෙක සඳහා ඔවුන් එකඟ වී නොමැත.

ඒ වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තවත් දෙදෙනෙකුගේ නම් මසකට පමණ පෙර යොමුකර තිබේ.

කෙස් වෙතත්, එම පත්වීම් ද අනුමත නොකිරීම නිසා නව දූෂණ මර්දන පනත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත.