
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයාට කපුටෙක් ඇනීමට පටන් ගෙන ඇති නිසා, ඔහු විසින් ක්‍රියාත්මක කරන රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට බාධා ඇති වන බව හිටපු ඇමැතිවරයකු වන මර්වින් සිල්වා පවසයි.
කැලණිය ටයර් හන්දියේ ‘අපේ කම- අපේ රට- ඔබේ වගකීම’ මැයෙන් පැවති ජනහමුව අමතමින් ඔහු මෙසේ සඳහන් කර ඇත.
හිටපු ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පවසා තිබේ.
“රට කරවන සමහර අයගේ අපේකම ඇත්තෙම නෑ. ඒ යට තියෙන්නේ මගේකම සහ පවුලේකම විතරයි. මහින්ද රාජපක්ෂ යුද්දය නිමා කර ගමන් කළේ ඔහුගේ පවුලට සල්ලි හම්බ කරන්න මාර්ග විවර කරපු එක. ඒකටම හරියන එකෙක් ඒ පවුලේ හිටියා. බැසිල් රාජපක්ෂ කියන පට්ට හොරා. දාපන් නඩු මම එනවා උසාවි. අපි එකට බෙලිඅත්තේ හිටියේ. අපේ ගෙවල්වලමයි හිටියේ. ගෝඨාභයට ගැටමාන්නේදී ගහනකොට දිව්වා. ගෝඨාභයට ගහනකොට ආපු අයට ගැහුවේ මේ විල් මුදලාලිගේ පුතයි මගේ කොල්ලොයි. බියගුල්ලා. නිර්භීතකම තිබුණා නම් තමන්ගේ ජනතාව දාල පස්ස දොරෙන් පැනල යයිද. දිට්ඨදම්මවේදනීය කර්මය අද ගෝඨාභයට පළදීලා. යන්න රටක් නෑ. මහජන දේපළ සූරා කෑවා, මහජනයාගේ මුදල් ගසා කෑවා. මුන් තමයි ඊළඟ ආත්මේ බල්ලෝ, බළල්ලු, කපුටෝ වෙලා ඉපදෙන්නේ. ඒක තමයි බැසිල්ට දැන්මම කපුටා කියල කියන්නේ. ඔබතුමාගෙන් (ජනාධිපතිවරයා) මම ඉල්ලනවා දැන් බලන් හිටිය ඇති. වැදගත් පවුලක සාමාජිකයෙක් හැටියට මෙන්න ඔබේ ජනාධිපතිකම, මම බහිනවා පාරට, එදාට මම ඔබත් එක්ක එනවා කියන්නේ නැතුව හොරුත් එක්ක ඡන්ද ගන්න අවොත් එතුමාටත් හෙළුවෙන් තමයි යන්න වෙන්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart