
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ භූමියෙන් සොයාගත් මිනිස් ඇටසැකිලි 112ක් සහ අනෙකුත් භාණ්ඩ හඳුනා ගැනීම සඳහා මහජන සහාය ඉල්ලා තිබේ.
මෙරට අධිකරණ ඉතිහාසයේ එවැනි ඉල්ලීමක් සිදුවන්නේ ප්‍රථම වරටයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා කැණීම්වලදී සොයාගත් භාණ්ඩ හඳුනා ගැනීම සඳහා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනතරාජා සිකුරාදා නියෝගයක් නිකුත් කළේය.
ඒ අනුව, පාසල් බෑගයක්, වළලු, ළදරුවන්ට අයත් යැයි සැක කරන භාණ්ඩ ලබන අඟහරුවාදා පස්වරු 1.30 සිට පස්වරු 5 දක්වා A 9 මාර්ගයේ අරියාලෙයි සිත්තුපත් හින්දු සුසාන භූමියේදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
අධිකරණ නියෝග යටතේ පසුගිය දින 27 තුළ ස්ථාන දෙකක කැණීම් දෙවැනි අදියරත් සිදු කර ඇත.
මහාචාර්ය රාජ් සෝමදේව සහ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. පිරවනන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම් විසින් කැණීම් සිදු කර තිබේ.
මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයත් සමඟ, යාබද ඉඩම්වල තවත් මිනිස් අවශේෂ වළලා ඇත්දැයි තහවුරු කර ගැනීමට ලබන සතියේ ස්කෑනර් යන්ත්‍ර භාවිත කිරීමට ද කටයුතු කරමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart